ගැළුවේ ඔබේ ලෙයයි
දැරුවේ මගේ දුකයි
සිතුවේ මා ගැනයි
ගෙව්වේ මගේ ණයයි
කස පහරින් තැලූණා - යේසුනි ඔබේ කය
ඇණ පහරින් කැඩුණා - යේසුනි ඔබේ කය
කටු ඔටුනින් බිඳුණා - යේසුනි ඔබේ හිස
මා වෙනුවෙන් පිදුවා - යේසුනි ඔබේ දිවිය
සැම අපහස වින්ඳා - යේසුනි මා හින්දා
නෙතඟ කඳුළු සැලූණා - මට පෑ සෙනෙහෙ නිසා
කුරුසියෙ තනි වුවා - යේසුනි මා නිසා
මගෙ ණය මෙලෙස ගෙවා- ඔබේ දරුවෙකු කළා



0 Comments