මුළු ලෝතලේ පීරමින් සෙව්වා
නොසිතූ ලෙසේ ඔබව හමුවූවා
කිසිදාක නිම නොවෙනා ඔබේ හදින් ගලනා
වෙන කිසිවෙකු තුල ඒ ආදරේ නැතී...//
ඔබ පමණයි මට ආදරේ කළේ
ඔබ පමණයි මා ගැන සිතුවේ
ඔබ පමණයි මගේ ලගින් සිටියේ
ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි....//
වේදනා සිත දරා ජීවිතේ තනිවෙලා
සිටිය මා ආදරෙන් කැඳවා
ජීවිතේ ඇති තුරා නෑ උතුම්යයි කියා
මේ තරම් ප්‍රේමයක් හමුවෙලා.......
ඔබ පමණයි මට ආදරේ කළේ
ඔබ පමණයි මා ගැන සිතුවේ
ඔබ පමණයි මගේ ලගින් සිටියේ
ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි....//
පාපයේ වියැලිලා වේදනා නැගෙන මා
හඳ ඔබේ පාමුලේ රදවාලා
කුරුසියේ වේදනා දැරුවේ ඔබ මා නිසා
ඒ ලෙයින් තෙමනු මැන මා සදා......
ඔබ පමණයි මට ආදරේ කළේ
ඔබ පමණයි මා ගැන සිතුවේ
ඔබ පමණයි මගේ ලගින් සිටියේ
ඔබ පමණයි ජේසුනේ ඔබ පමණයි....//


0 Comments