Header Ads Widget

Responsive Advertisement

Roo Ra Adha Halena Le Ganga


 

රූරා ඇද හැලෙනා ලේ ගංගා 

කුරුසියේ කල්වරියේ

මිනිස් පරපුරක් ගලවන්නට පිදු

ලේ ගංගාවයි ඒ

මෙතරම් මිනිසාට ප්‍රේම කලා ඔබ

කුරුසියේ දිවි පිදුවේ

ලොව මැවු දින සිට ලියැවුනු මිහිරිම 

ප්‍රේම කතාවයි ඒ


ඇඟිලි තුඩට ගත් පස් පිඩ වෙමි මම 

ඔබ සුරතේ රැදුනූ

මා තුල ඇති ගල් කැට ඉවතට ගෙන 

මාව සකස් කරනූ

භාරවෙමි මම ඔබේ හස්තය මත 

පස් පිඩ මෙන් නොරළු

ඔබ තුටු ලෙසකට මාව අඹනු මගේ 

පෙම්බර කුඹල්කරු


රූරා ඇද හැලෙනා ලේ ගංගා 

කුරුසියේ කල්වරියේ

මිනිස් පරපුරක් ගලවන්නට පිදු

ලේ ගංගාවයි ඒ

මෙතරම් මිනිසාට ප්‍රේම කලා ඔබ

කුරුසියේ දිවි පිදුවේ

ලොව මැවු දින සිට ලියැවුනු මිහිරිම 

ප්‍රේම කතාවයි ඒ


සරු තණ බිමකට මා ගෙන යනු මගේ 

මිහිරි එඬේරාණෝ

මා එහි ගෙන ගොස් රැකගනු මැන මගේ

සුරැකි එඬේරාණෝ

ඔබේ හඬ හදුනමි  පසු පස දුව එමි

මහිමේ එඬේරාණෝ

මා අත් නොහරින බව දනිමි මගේ 

බැටළු එඬේරාණෝ


රූරා ඇද හැලෙනා ලේ ගංගා 

කුරුසියේ කල්වරියේ

මිනිස් පරපුරක් ගලවන්නට පිදු

ලේ ගංගාවයි ඒ

මෙතරම් මිනිසාට ප්‍රේම කලා ඔබ

කුරුසියේ දිවි පිදුවේ

ලොව මැවු දින සිට ලියැවුනු මිහිරිම 

ප්‍රේම කතාවයි ඒ



Post a Comment

0 Comments