ඔබ උසුලා ගත්තේ අපේ දුකයි
දරා ගත්තේ අපේ ශෝකයයි
තුවාල ලැබුවේ අප අපරාධ නිසයි
කුරුසියට ගියේ අප පාපනිසයි....
බැටළුවන්සේ මුළාවෙලා
අපගේ මාවත්වල හැරී ගියා
අප සැමගේ ගැළවුම උදෙසා
ඔබ මත අපගේ අයුතුකම් දැරුවා
කසපහරින් ඔබේ සිරුර ඉරෙනා තුරා
කටු ඔටුනින් ඔබේ හිස සිදුරැවෙන තුරා
ඇණ පහරින් ඔබ කුරැසියේ මැරෙන තුරා
මට ප්‍රේම කලා සැබවින් ප්‍රේම කලා
ඔබ උසුලා ගත්තේ අපේ දුකයි
දරා ගත්තේ අපේ ශෝකයයි
තුවාල ලැබුවේ අප අපරාධ නිසයි
කුරුසියට ගියේ අප පාපනිසයි....
කසපහරින් ඔබේ සිරුර ඉරෙනා තුරා
කටු ඔටුනින් ඔබේ හිස සිදුරැවෙන තුරා
ඇණ පහරින් ඔබ කුරැසියේ මැරෙන තුරා
මට ප්‍රේම කලා සැබවින් ප්‍රේම කලා..//


0 Comments