ඔබ නමදින්නට ආවෙමි සමිඳේ
ඔබ හට ඇති ප්‍රේමේ නිසා
පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
ඔබ මාගේ දෙවිඳු නිසා
හද පිරි සතුටින් ඔබ පසසමි මම්
ගැලවුම් කරු ඔබම නිසා
මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
නමදිමු මා දෙවි සමිඳා
විශ්වයේ මැවුම් කරුවානනි
ඔබටයි මේ ස්තූති ගී
පසසා ගයම් ඔබේ නාමය
වඳිනෙමි ඔබ තුම බැතිනී...//
අහසේ තරු දෙස බැලුවෙමි මා
කෙතරම් පුදුමද ඒවා
කඳු ශිකරයන් මා නෙත ගැටුනා
ඔබ බලමහිමය දුටුවා
ගී දෙන කුරුල්ලන් සුවඳැති පොඩි මල්
මැවිල්ලේ අරුමය පෑවා
ඒ සැමට වඩා මහ පුදුම ලෙසින්
දෙවිඳේ ඔබ මා මැව්වා
විශ්වයේ මැවුම් කරුවානනි..//



0 Comments