Header Ads Widget

Responsive Advertisement

Jayaggrahikai Jayaggrahikai


 



ජයග්‍රාහිකයි ජයග්‍රාහිකයි

අතීශයින් ජයග්‍රාහිකයි

පොළවේ අධිපති මේ රැස්වන්නේ

දේව සැලැස්මට විරුද්ධ වන්නේ

අධිපතිකම් දෙවිඳුන්ගේ හස්තේ

දෙවිඳුන් සිනහ නගයි

හිමි පරිහාස කරයි


ජයග්‍රාහිකයි.....


සභාව ගොඩනගමියි හිමි කීවේ

සතුරු බලය හිමි පා යට ඇත්තේ 

පාතාලයේ දොර නෑ ජයගන්නේ

යේසුස් ස්වාමින්ය රජුන්ගේ රජිඳුන්ය


ජයග්‍රාහිකයි....


සතුරන්ගේ අවි සඵළ නොවන්නේ

විනිසෙට එන දිව් අපි ජයගන්නේ

මේ සැම වේ දමිටුන්ගේ උරුමේ

කුමටද භිය වන්නේ නැගිටිව් කිතුණුවනේ


ජයග්‍රාහිකයි.....


ඵාරාවෝට නෑ අපි පැරදුනේ

සිංහයන්ට නෑ අපි ගොදුරු වුනේ

ගිනි දැල්ලට නෑ අපි දැවුනේ

දෙවිඳුන් අප සමඟයි අපි දෙවිඳුන් සමඟයි


ජයග්‍රාහිකයි.....


යේසුගේ ලේ තුළ බලය තිබෙන්නේ

යේසුස්ගේ නාමෙට සතුරා බයයිනේ

හිමි පැසසීමෙන් යකු පරදින්නේ

දෙවිඳන් පසසමු සමිඳුන් පසසමු.





Post a Comment

0 Comments