Header Ads Widget

Responsive Advertisement

Deviduni Mage Sitha Siduruwela


 


දෙවිඳුනි මගේ සිත සිදුරු වෙලා

අඬනෙමි මම අද කඳුළු සලා

ඉරා දමා ඇති මගේ ආත්මය 

තුවාල වී ඇත මුළු ජීවිතයම


නොසොයා ඔබ ඔබේ මැවුම් කරු

යනවා මාගෙන් වෙන්ව මෙසේ

ආත්මයකි මම මටත් රිදෙනවා

එනිසයි මා ඔබ සිදුරු කලේ


දෙවිඳුනි මගේ සිත තලා පෙලා

ජීවිතයම මට එපා වෙලා

බලාපොරත්තුවේ පහන නිවී ගොස්

අඳුරේ මා අද මුලා වෙලා


ඉරා දැමූ ඔබ සුවකරනෙම්

තලා දැමු මම සනසන්නම්

උදා වෙලා මම පහන් තරුව සේ

මගේ තුරුලේ ඔබ සනසන්නම්




Post a Comment

0 Comments