Header Ads Widget

Responsive Advertisement

Ebanesar

 



මාද මා නිවසද මා නිවසේ සැම දෙනද නොනවත්වා ස්තූති කරම්

දරු කළලයසේ රැකගත්තට ස්තූතියි මා නොබිදෙන ලෙස රැකගත්තට ස්තූතියි


එබනේසර් එබනේසර් අදවනතුරු මා උසුලා ගත්තේ

එබනේසර් එබනේසර් මා සිතුවිල්ල සේ උසුලාගත්තේ


ස්තූතියි ස්තූතියි ස්තූතියි හද ගැඹුරේ දැරුවාට ස්තූතියි

ස්තූතියි ස්තූතියි ස්තූතියි දරු කළලයසේ රැකගත්තට ස්තූතියි මා


කිසිවක් නොමැතිව ඇරඹුව මගේ දිවිය යහපතින් පුරවන්නේ

කිසි නපුරක් නොසිතන සමිදේ ඔබ සේ වෙන පිය සමිදෙක් නැත්තේ


එබනේසර් එබනේසර් අදවනතුරු මා උසුලා ගත්තේ

එබනේසර් එබනේසර් මා සිතුවිල්ල සේ උසුලාගත්තේ


දින දින ඇවැසිවු සෑම ඔනෑ කම් ඔබ දෑත සැපයූවේ

ඔබ ගෙනයන මාවත පුදුමයි එය කීමට වදනක්ද නොමවේ


එබනේසර් එබනේසර් අදවනතුරු මා උසුලා ගත්තේ

එබනේසර් එබනේසර් මා සිතුවිල්ල සේ උසුලාගත්තේ


උගතුන් අතරින් අඥාන වූ මාව කැඳවීම හාස්කමකී

කිසි දෙයකට නොවටින මාව එය කරුණාව වෙයි මයි මගේ සමිඳ


එබනේසර් එබනේසර් අදවනතුරු මා උසුලා ගත්තේ

එබනේසර් එබනේසර් මා සිතුවිල්ල සේ උසුලාගත්තේ




Post a Comment

0 Comments