Header Ads Widget

Responsive Advertisement

Papayen masitha pirune

 



පාපයෙන් මා සිත පිරුනේ
ලෝකයෙන් මා සිත බිඳුනේ
සැමගෙන් මා හද වෙන්වුනේ -
ස්වාමින්ගේ ප්‍රේමය දැනුනේ ...//

එතුමා යේසුස්මයි
එතුමා දෙවිඳුන්මයි
කල්වරි කුරුසේ මා නිසා -
සිය දිවි පිදු එතුමා ...//

එතුමා මා නිසා මැරුණා
කුරුසේ මා හට දිස්වුනා
ප්‍රේමයෙන් මා සිත බිඳුනා -
පාපයෙන් මා අද මිඳුනා ...//

මාර්ගයත් සත්‍යයත් එතුමයි
ජීවනෙත් සෙවනත් එතුමයි
ලෝකයේ දෙවිඳුත් එතුමයි -
එතුමා රජුන්ගේ රජුන්මයි ...//


Post a Comment

0 Comments