Header Ads Widget

Responsive Advertisement

Pera Niyama Lesin


 

පෙර නියම ලෙසින් දහසක් අතරින් අප කැදවාගත් දෙවිඳුනි

මහා පුදුම ලෙසින් මව් කුසේ පටන් අප තෝරාගත් යේසුනි...//


අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ

අපේ නුවනින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ


දුබලවු අප දිවියේ සැම පව් ඔබ දැරුවා

වහලුන් නොව ඔබගේ මිතුරන් බව කීවා

අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ

අපේ නුවනින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ


මිදිවැලක අතුවගේ පෑහී හිදිමු සැමා 

ඵල දරමින් රිසිසේ ඔබ තුළ යැපෙමු සාදා


පෙර නියම ලෙසින් දහසක් අතරින් අප කැදවාගත් දෙවිඳුනි

මහා පුදුම ලෙසින් මව් කුසේ පටන් අප තෝරාගත් යේසුනි...//


අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ

අපේ නුවනින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ



Post a Comment

0 Comments