Header Ads Widget

Responsive Advertisement

Mohothak Nawathinna

 



මොහොතක් නවතින්න දෑස් හැර බලන්න

ලොව විනාශවී යන බව ඔබ හට වැටහේ

මිනිසුනි මෙය පිලිගන්න අවසානය අත ළගය

දෙවිඳුන් යලි එන මග සළකුණු ලොව සිදුවේ


සූදානම්ද ඔබ සූදානම්ද 

යේසු රජුන් යළි පැමිනේ අප ගෙනයන්න..//


ව්‍යජ දම් පැතිරී මිනිසුන් මුලාවී 

වස්තු තෘෂ්නාවෙන් බොහොමයක් වැනසෙයි

ගාවිනා පොලොවේ දස අතින් පැමිණේ

යුධ ගිනි රෝ දුක් පීඩාවෙන් ලොව කැළඹෙයි

දෙවිඳුන් යළි එන මග සළකුණු ලොව සිදුවෙයි


නොසිතනා මොහොතේ දෙව් රජුන් පැමිණේ

සූදානම් වුවන් ඔසවා ගනු ලැබේ

ඔවුන් මතු සගයේ සදා ජීවත්වේ

අවසානය තෙක් මේ දෙය ඔබ අදහන්න

දෙවිඳුන් සැනෙකින් යළි එන බව දැන ගන්න


මොහොතක් නවතින්න දෑස් හැර බලන්න

ලොව විනාශවී යන බව ඔබ හට වැටහේ

මිනිසුනි මෙය පිලිගන්න අවසානය අත ළගය

දෙවිඳුන් යලි එන මග සළකුණු ලොව සිදුවේ


සූදානම්ද ඔබ සූදානම්ද 

යේසු රජුන් යළි පැමිනේ අප ගෙනයන්න..//




Post a Comment

0 Comments