අබ්බා පියාණෙනි ආදර දෙවිඳුනි
ගැළවුම්කරුතුමෙනි ශුද්ධ ආත්මෙනි
වෙන්වී මා ඔබගෙන් අඳුරේම සිටියදි
ඔබතුම මා සෙව්වේ..//
ලයෙහි හොවා මා සිපගෙන සැමදා
මට සෙවනක් වූයේ...//
ස්තූතියි ඔබට ස්තූතියි...//
කසල ගොඩේ සිට මාව එසෙව්වේ
ප්‍රේමේ දෙව් සමිඳේ...//
කල්වාරි රුධිරේ මා නිසා වගුලේ
මා පව් සේදෙව්වේ...//
ස්තූතියි ඔබට ස්තූතියි...//
පහත්ව සිටිනා වැටි වැටි ඇවිද්ද
මා හට පෙම් කෙරුවේ...//
කඳුලැලි පිසදා මා අත අල්ලා
නිසි මඟ පෙන්වූයේ...//



0 Comments