Header Ads Widget

Responsive Advertisement

MAGE HADAWATHE

 



මගේ හදවතේ හැඟුමක් පුරා
ලියවෙන්නේ ඔබගේ නමයි
මා ගන්නා වූ හුස්මක් පුරා
වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි
මගේ නෙත්වලින් ගැලු කඳුලක් පුරා
සැනසූවේ ජේසුනි ඔබයි
මගේ ජීවිතේ ගෙවෙනා තුරා ළඟ
ඉන්නේ දෙවිඳුනි ඔබයි

ඔබ දෑතේ ගෙනයන්න මා
දිවි ගමන ගෙවෙනා තුරා
තුරුලේම සනසන්න මා
මගේ කඳුළු නිවෙනා තුරා //

මගෙ නම ඔබේ අතෙහි ලියා
එය දෙස බලා මගේ පුතු කියා
ඔබේ දිවි පුදා මට පෙම් කලා
පුදුමයි ඔබේ ප්‍රේමය සදා
ඔබ දෑතේ ගෙනයන්න මා //

දිවියේ පුරා මට ලන් වෙලා
සෙනෙහේ පුදා මට පෙම් කලා
මතුදාක මා ඔබගේම වෙලා
සගයේ හිඳින්නම් දෙවිඳුනි සදා

මගේ හදව⁣තේ හැඟුමක් පුරා... //
ඔබ දෑතේ ගෙනයන්න මා... //


Post a Comment

0 Comments