Header Ads Widget

Responsive Advertisement

Namadinnum ma Oba Samide





 නමදින්නම් මා ඔබ සමිඳේ 
අබ්බා පියාණෙනී
ඉල්ලන්නම් වරමක් ඔබෙන්
ඔබ මාගේ හඬ අසනා බැවින්
දෙව් වචනයේ ලියලා තිබෙනා
මේ පොළවේ උරුමය ලබනා
ලෙස මා සකසන්නයයි කියා.....

ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගු කර මට දුක් නොදෙන සේ 
මා රැකගනු මැන මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගු කර මට දුක් නොදෙන සේ 
මා රැකගනු මැන දෙවිඳේ...

පොරන්දු දුන්නේ ඔබයි සමිඳේ
එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ..
වහල්කමින් හා පීඩාවෙන්
අද ඔබ මා මුදනා බැවින්
මම තව දුර්වල නෑ කියලා
මම තව අසරණ නෑ කියලා
අන් සියලු දෙනා මට පවසන සේ

ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගු කර මට දුක් නොදෙන සේ 
මා රැකගනු මැන මට ආශිර්වාද කරන්න
මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගු කර මට දුක් නොදෙන සේ 
මා රැකගනු මැන දෙවිඳේ...

Post a Comment

0 Comments